
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ කළුපාලම යටදි තීරෝද රථ රියදුරකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙමට ගොඩ පොලිසිය සඳහන්කරයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ හවුපේ ලියනගේ පාලිත චන්ද්‍රසිරි 50 නැමැත්තෙකි.
ඔහු සන්තකයේ තිබූ රියදුරු බලපත්‍රයේ ගාල්ල උඩලමත්ත යනුවෙන් සඳහන්ව තිබූ බවත් රථයේ ආදායම් බලපත්‍රයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනුවෙන් සඳහන්ව තිබූ බවත් පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ත්‍රී රෝද රථය පදවාගෙන යමින්සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ඔහු පැදවූ තීරෝද රථයේ පුද්ගලයෙකු පිටුපස ගමන් කරන ආකාරය සීසිටිවි දර්ශන පරික්ෂා කිරීමේදී පැහැදිලි වන බව උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.
එම පුද්ගලයා මෙම ඝාතනයේ වෙඩික්කරු විය හැකි බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේත් සමගම මිය ගොස් ඇත.
මෙම ඝාතනය පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd